රට පුරා ක්‍රියාත්මක හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අහෝසි වී තිබේ.
ආණ්ඩුව හදිසි නීතිය පැනවූවේ 2022 මැයි 06 වන දිනයි. එදින හදිසි නීතිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.
නීති විශාරදයකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා adaderana.lk වෙත පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනීම හේතුවෙන් එය දින 14කදී අහෝසි වන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (4) (i) (ii) වගන්තිය අනුව, හදිසි නිතිය පනවා දින 10 ක් තුල, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ නොවන විට, දින 14 ක් තුල හදිසි නීතිය ඉබේම අහෝසි වී යයි.
ගෝඨාභය ජනාධිපතිවරයා මෙයට පෙර 2022 අප්‍රේල් 1 දා, හදිසි නීතිය පැනවීය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිදී යාම වලක්වා ගැනීමටය. අප්‍රේල් 5 දින එය ඉවත් කරනු ලැබූවේ පාර්ලිමේන්තුව තුල එය සම්මත කර ගත නොහැකි බව ස්ථිර වූ පසුය.
මෙවර හදිසි නීතිය පැනවුයේ, දුෂිත හා මැර දේශපාලනඥයින්ගේ දේපල ආරක්ෂාකර ගැනීමට සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට බව හිටපු ආණ්ඩුකාරවරයකු වන 'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' විධායක අධ්‍යක්ෂ, රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
