ජනාධිපති සමඟ සාකච්ඡා සාර්ථකයි : එස්.බී, සුසිල් ගහන "ගේම" පැහැදිළියි - අජිත් පී. පෙරේරා

ජනාධිපති සමඟ සාකච්ඡා සාර්ථකයි : එස්.බී, සුසිල් ගහන "ගේම" පැහැදිළියි - අජිත් පී. පෙරේරා

ඊයේ (31) වනදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවී විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එය ඉතා සාර්ථකවූ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා සඳහන් කරයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට මැදිහත් වුයේ එජාපය බවත් එහෙයින් ඉතා ධනාත්මක සාකච්ඡාවක් දෙපාර්ශවය අතර සිදුවූ බව පැවසූ නමුත් ඒ පිළිබඳ වැඩි විස්තරයක් මාධ්‍යට සඳහන් කළේ නැත.

එස්.බී - සුසිල් ගහන ගේම මොකක්ද ?

එසේම මේ වන විට එස්.බී දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරුන් පිරිසක් මේ වන විට පොහොට්ටුවට එක්වීම සඳහා විශ්වාසභංගය පාලමක් බවට පත්කර ගැනීමේ උත්සාහයක නිරත වන බවත් තම පෞද්ගලික දේශපාලන ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඔවුන් ගන්නා උත්සාහයට තම පාර්ශවය සුභ පතන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම අමාත්‍ය පිරිස මෙතෙක් ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳ වීරයන් ලෙස පොහොට්ටුවට එක්වීමේ පැහැදිළි සුදානමක් තිබෙන බවත් මැතිවරණයකට තවත් වසර දෙකක් පමණ තිබෙන බැවින් එම කාලය තුළ කටින් වැඩක් ගෙන පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත්වී මොනවාහෝ ගොඩදමා ගැනීම ඔවුන්ගේ සැළැස්මවී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එජාප සාමාජිකයන් විශ්වාසභංගයට පක්ෂද : වහාම පක්ෂයෙන් එළියට

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ යම්කිසි ආකාරයකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කවුරුන්හෝ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය භාවිත කළහොත් වහාම විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතික තීන්දුවක් ගෙන ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න