විශ්වාසභංගය : ''අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්” -බන්දුල

විශ්වාසභංගය : ''අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්” -බන්දුල

අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා එබව ප්‍රකාශ කළේය.

ගුණවර්ධන මහතා එබව පැවසුයේ, දෙමටගොඩ වජිරාශ්‍රමයේ අද(01) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉතිරි හරිය ජනාධිපති අතේ :

‘‘දැනට ඇති ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමණාකරණය කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා නේ. ’’ යැයි ද එහිදී ගුණවර්ධන මහතා කීය.

‘‘ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා නම් රටට අහිතකර දේ නතර කරනවානම්, හිතකාමී දේ කරනවා නම් තනතුරු භාර නොගත්තත් අපි සහය දෙනවා’’ යැයි ද හෙතෙම සදහන් කළේය.

එහි දී තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

‘‘මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළුව ඒකාබද්ධයේ සියලූ මන්ත්‍රීවරු, ජනතා විමුක්ති පෙරමුණ, සුසිල් ප්‍රේම්ජයන්ත ඇතුළු කැබිනට් ඇමතිවරු පිරිසක්, ලක්ෂ්මන් යාපා ඇතූළු කැබිනට් නොවන ඇමතිවරු පිරිසක්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වනවිටත් නිල වශයෙන් එකඟ වෙලා තිබෙනවා සහය දෙන්න.

එජාපයේ අය ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධියේ ද රහසිගතවද ජනතාව පැත්තේ සිටගෙන ඉන්නවා. දැනට ඇති ලක්ෂණවල හැටියට හතර වැනිදා රාත්‍රීයේ අපි ජයගන්නවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න