සජිත් අගමැති ලෙස නම් කරන්නැයි රනිල්ට බලපෑම්

සජිත් අගමැති ලෙස නම් කරන්නැයි රනිල්ට බලපෑම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපති ධුරය අහෝසි කිරීමට නොහැකිවුවහොත් 2020 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී එජාප අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා දැන්තියාම ප්‍රකාශයට පත්කරන්නැයි එජාපයේ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

2020 දී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨයින්ට දැනටමත් ප්‍රකාශකර තිබේ.

ඊයේ (01) රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවූ අවස්ථාවේදී ද ඔහු එබව අවධාරණය කර ඇත. ඒ ඉදිරි ජනාධිපතිවරණට ඉදිරිපත් කරන එජාප අපේක්ෂකයා කව්දැයි ඔවුන් විමසා සිටි අවස්ථාවේදීය.

එම තීරණාත්මක සාකච්ජාවට විශ්වාස භංගයට පක්ෂ බවට මාධ්‍ය වාර්තාවල දැක්වෙන පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී තිබේ.

'නිව්ස් ටියුබ්' මේ සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨ නායකයකුගෙන් කල විමසීමකදී කියා සිටියේ, එය අගමැතිවරයා අප්‍රේල් පළමුදා කල විහිළුවක් බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න