Language Switcher

V2025

වොයිස් කට් අප්සෙට් : සෙනගත් නෑ : මෛත්‍රීගෙන් කෙසෙල් ඇවරියකට කුණු බැනුම්

එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ “ඒකාධිපති අගමැති පන්නනු.. නව අගමැතිවරයෙක් පත් කරනු!" පා ගමනට පොරොන්දුවූ තරම් සෙනඟ නොගෙනේම සම්බන්ධව මෛත්‍රී ගුණරත්න විසින් එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරයෙකුට අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති බව වාර්තා වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහ නගර සභාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණ යටතේ කෙසෙල් ඇවරිය ලකුණින් තරගකොට බෝනස් මන්ත්‍රීධුරය ලබා ඇති මන්ත්‍රීවරයා මෙසේ අසභ්‍ය වචනයෙන් බැනුම් අසා ඇති අතර ඒ හේතුවෙන් පා ගමනේ දෙවැනි දින ආරම්භය පැයකින් පමණ ප්‍රමාද වූ බවද වාර්තා වෙයි.

මීගමුවේ බෝනස් මන්ත්‍රීට කුණුහරප බෝනස්

එම ප්‍රදේශයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට මහනුවර සිට කොළඹ දක්වා පා ගමන සංවිධානය කර තිබුණත් ඊට 150-200 වඩා පෙළපාලිකරුවන් සිට නැත. එහිදී මීගමුව නාගරික මන්ත්‍රීවරයා මුදල් ගෙවා සෙනග කැඳවිය හැකි බව දන්වා ඇතත් අපේක්ෂා කළ තරම් සෙනඟක් කැඳවා ගැනීමට ඔහුද අසමත්වී ඇත.

මෙහිදී අදාළ පළාත් පාලන මන්ත්‍රීවරයාට මෛත්‍රී ගුණරත්න පහරදී තිබෙන බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණත් ඒ සම්බන්ධව තහවුරු කරගැනීමක් කරගන්නට අපට හැකිවුයේ නැත.

කෙසේ නමුත් මේ වන විට පෙළපාලියේ ආරම්භයේ සිට ඊට සහභාගී වූ පිරිස් සිටින්නේ අතේ ඇඟිලි ගණනට බවත් ඔවුන් අතුරින් බහුතරයක් මෛත්‍රී ගුණරත්නගේ සේවකයන් සහ දෛනික කුළී පදනමට ගෙන්වාගෙන සිටින අය බවත් අප ආරංචිමාර්ග සඳහන් කරයි.

පොහොට්ටුවේ සහ ශ්‍රීලනිප පොඩ්ඩන් පා ගමන වර්ජනය කරලා

එසේම අදාළ පෙළපාලිය සඳහා සෙනඟ එවන ලෙස මෛත්‍රී ගුණරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු අමතා සහය ඉල්ලා ඇතත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ තම පාක්ෂිකයන්ට කොතරම් දැනුම් දුන්නත් එජාප පෙළපාලියක් බැවින් ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කරන බවය.

තවද පළාත් පාලන මන්ත්‍රීවරුන් අමතා පෙළපාලියට සහය දෙන ලෙස ශ්‍රීලනිප අමාත්‍යවරයකු හරහා දැනුම්දී ඇතත් ඔවුන්ද අදාළ පා ගමන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර එකක් බැවින් නිකරුණේ පාක්ෂිකයන් අවධානමේ හෙළිය නොහැකි බව දන්වා එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තා වෙයි.

මීඩියා වලට වොයිස් කට් : දෙන්න ආව අය අප්සෙට්

එසේම මේ වන විට මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම සඳහා හෝ කිහිපදෙනෙකු අවශ්‍ය බව දන්වමින් මෛත්‍රී ගුණරත්න හිතවතුන්ට ඇමතුම් ලබාදෙමින් සිටින බවත් අප්‍රේල් 1 වනදා මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදුන් කිසිවෙකු සාර්ථක නොමැති බවට ඔහුට සහය දක්වන මාධ්‍ය කණ්ඩායම් සඳහන් කර තිබීම ඊට හේතුව බවද දැනගන්නට ඇත.

සැබවින්ම එජාප නායකත්වයෙන් ඉවත්වීමට හේතු ලෙස විරෝධතා පා ගමනට එක්ව සිටි පාර්ශව සන්දාන් කළේ බඩු මිල ඉහල යාම, රැකියා නොමැතිවීම, අස්වැන්න සරු නොවීම, වැනි කාරණාය. එසේම එජාප බලමණ්ඩල නියෝජිතයකු, හෝ පක්ෂ කේඩරය නියෝජනය කරන කිසිවකු මේ මොහොතේ එම පෙළපාලියේ නොමැති බවත් අවම වශයෙන් "අහවල් ලෙස කියන්න කියා" පා ගමනේ සංවිධායකයින් කියාදෙන දෙයවත් හරියට කියන්න අයෙකු නොමැතිවීම කපීපෙනුණු බව අප ප්‍රාදේශීය මාධ්‍ය සගයන්ද සඳහන් කර සිටියේය.

කුරුඳු පොලු මාට්ටු කළ යාළුවා කවුද ?

එසේම මෛත්‍රී ගුණරත්නට අයත් වාහනයක කුරුඳු පොලු තිබෙන බව දැනුවත්ව සිට ඇත්තේ රථයේ රියදුරු ඇතුළු මෛත්‍රී ගුණරත්නගේ දේශපාලන හිතවතුන් කිහිපදෙනෙකු පමණක් බවත් ඒ පිළිබඳ ඔත්තුව පොලිසියට යාම සම්බන්ධවද මෛත්‍රී ගුණරත්න අර්බුදයක සිටින බව වාර්තා වෙයි.