Language Switcher

V2025

නිල වශයෙන් සජිත් අත්හැර චම්පික ස්වාධීන වෙයි !

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) පටන් කටයුතු කරන බව 43 සේනාංකය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය .

 වර්තමාන ආණ්ඩුවේ කිසිම අමාත්‍ය ධුරයක් බාර නොගන්නා බව ද හෙතෙම පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

 රණවක මන්ත්‍රීවරයා අද සිදු කරන ලද කතාව පහතින්..

 ගරු කතානායකතුමනි,

මේ විශේෂ ප්‍රකාශය කරන්නට මට අවස්ථාව ලබා දීම පිළිබඳ මම පළමුව ඔබ තුමාට ස්තුති වන්ත වෙනවා.

සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මෙතෙක් කටයුතු කළ මම අද පටන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව මේ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලාටත් රටේ ජනතාවටත් ප්‍රකාශ කර සිටිනවා.මා මේ බව සමගි ජනබලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාටත් මීට දින කිහිපයකට ලිපියකින් දැණුම් දුන්නා. දේශපාලන සංධානයකට එක් වීමේ පදනමින් අප සමගි ජනබලවේගයට එක් වූයේ 2020 මාර්තු මස 18 වන දින ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුවයි. මේ ස්වාධීන වීමද එම අවබෝධතා ගිවිසුමේ හරයට අනුකූල බව මා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

මා මේ තීරණය ගත්තේ කිසිවකු කෙරෙහි ඇති පුද්ගලික තරහක් වෛරයක් නිසා නොවේ. මා හැමදාම මගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ කෙනෙක්. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද වෙනදාට වඩා වගකීම් සහගතව සහ ප්‍රායෝගිකව කටයුතු කරන්නට සිදුව තිබෙනවා. මේ ස්වාධීනවීම ඒ අරමුණ වෙනුවෙන් වඩා ප්‍රශස්ථ ඉඩක් වෙන කර ගැනීමක් ලෙසයි මම සළකන්නේ.

මේ ප්‍රවෘත්තිය පළ වීමත් සමග ඇතැම් ජනමාධ්‍ය වල හා සමාජ මාධ්‍ය වල මා ආණ්ඩුවේ ඇමති ධූරයක් ගැනීමේ වුවමනාවෙන් මේ දේ සිදු කරන බව පවසා තිබෙනවා. ඒ අර්ථකථන වල කිසිම සත්‍යයක් නැති බව ප්‍රකාශ කළ යුතුයි. මේ ආණ්ඩුවේ කිසිම ඇමතිකමක් දැරීමට මගේ අදහසක් නෑ.

මා කියන්නේ මේ ආණ්ඩුව හරයාත්මකව වෙනස් විය යුතු බවයි. මේ ආණ්ඩුව වෙනුවට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්මසර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදිය යුතු බවයි.

අද ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය ගැන විස්තර කරන්න මං කාලය ගන්නෑ. ඒවා ගැන ඕනෑ තරම් කතා කර තිබෙනවා. මා මේ පිළිබඳව අනතුරු ඇඟෙව්වේ දෙදාස් දහතුනේ. මා කෘතියක් ලිව්වා ඒ සම්බන්ධයෙන්. අ ආලපාලු ආර්ථිකය නමින් දෙදාස් දාසයේදීත් මූල් ය අර්බුදය පාමුල නමින් මම කෘතියක් ලිව්වා. ඒ කෘති දෙකෙන්ම මා විසින් ඒ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. ඒවා අද සත් යාපනය වීම ගැන. මට කිසිම සතුටක් නැහැ. අධික වේදනාවකින් අපි ඉන්නේ. අද අපේ විසඳුම අගමැතිතුමා විසින් ඊයේ ප් රකාශ කළ පරිදි ජාත් යන්තර මූල් ය අරමුදල මූලික කරගත් එකක් වෙන්න පුළුවන්. එය වැරදි ගියොත් අපේ පරිභෝජනය සැලසුම් සහගත ලෙස සංකෝචනය කර ගන්නා වූ ස්වදේශවාදීව එකක් වෙන්නත් පුළුවන්. මේ මොන විකල්පය ගත්තත් එය ක් රියාත්මක කරන්නට අවම දේශපාලන කොන්දේසියක් සපුරා ගත යුතුයි. එනම් රටේ දේශපාලන පක්ෂ අතර තියෙන පටු බල අරගලය තාවකාලිකව නවත්වා මුහුණ දෙන මේ මහා ජාතික ආපදාවට සාමුහිකව මුහුණ දීමයි. එය කළ හැක්කේ පොදු අවම වැඩ පිළිවෙලක් සහිත තාවකාලික සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව නිර්මාණය කරගැනීමෙනුයි. දැන් පිහිටුවා තිබෙන ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් නොවේ.

රටේ ජනතාව අද මේ පාර්ලිමේන්තුවේ සිදුවන සම්ප්‍රදායක ගාලගෝට්ටි රණ්ඩුුව සරුවල් පුරාජේරු කතා සහිත අමනොඥ චර්යාව දෙස බලා සිටින්නේ ඉතා පිිිළිකුලින්. තරහකින්.

සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්ප්‍රදායික නායකයන් සම්ප්‍රදායික නැඩ සටහන් , අද මේ රටෙ ජනතාව ප්‍රතික්ෂේප කර හමාරයි. මජර පවුල්වාද, ප්‍රායෝගිකත්වය බිංදුවක්වත් නැති පොතේගුරුවාද,ජන දුක වෙනුවෙන් බිංදු මාත්‍රයක සහකම්පනයක් නැති නායකයන්ගේ ව්‍යාජ ප්‍රකාශ අද ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන බව තවමත් අප අතර සිටින බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.

අද අප සැම දෙනාටම වෙනස් වීමට සිදු ව තිබෙනවා. නායකයින්ට මෙන්ම ජනතාවටත් වෙනස් වීමට සිදුව තිබෙනවා.

රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මාර්ගය පිළිබඳ අදහසක් අප පසුගියදා ඉදිරිපත් කර තිබෙනවා. එයට විශාල සාධනීය ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. රටක විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වගකීම වන්නේ ද විවේචනයෙන් ඔබ්බට ගොසින් විකල්ප සූදානම් කිරීම බව මා අවංකවම විශ්වාස කරනවා. අද අවශ්‍ය වන්නේ සාමූහිකව බල ගැන්විය හැකි විකල්පයක් නිර්මාණය කිරීමයි. රටට නව හැරවුමක් අවශ්‍යව ඇති මේ මෙහොතේ ඒ වෙනුවෙන් මාගේත් මා සමග සිටින පිරිසේත් දැණුම කුසලතාව සහ කැපවීම බාධාවලින් තොරව ලබා දීමට නම් මෙවැනි ස්වාධීන වීමක් සිදු කළ යුතුව තිබෙන බව සඳහන් කළ යුතුව තිබෙනවා....

මහ මැතිවරණයෙදී මාහට චන්දය දුන් ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කිසිවක් පාවාදීමට මා කටයුතු කරන්නේ නෑ. එම ජනවරමට උපරිම සාධාරණය ඉෂ්ට කළ හැක්කේ මෙවැනි තීරණාත්මක වේලාවක මේ වගේ තීරණයක් ගැනීමෙන්ම බව මා වැඩි දුරටත් ප්‍රකාශ තරන්නට කැමතියි.

ස්තුතියි.