ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්ගේ අත්සනිනි.
ඒ අනුව, විදුලි බල සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල් ප්‍රතිකාර සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එම සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
