ශ්‍රීලනිප ඇත්තම මතය කැබිනට් හමුවේදී අනාවරණය වෙයි : එජාපෙ මතය මංගල කියයි

ශ්‍රීලනිප ඇත්තම මතය කැබිනට් හමුවේදී අනාවරණය වෙයි : එජාපෙ මතය මංගල කියයි

අද (03) පැවති කැබිනට් මණ්ඩල හමුව අවසානයේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ නිල මතය දැනගැනීමට තමන්ට අවශ්‍ය බව එක්සත් ජාතික පෙරමුණ නියෝජන කරන අමාත්‍ය කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයට දැනුම්දී ඇත.

z VijithVijithamuniSoysa
අපේ නිල මතය අනිත් අයට හරියයිද දන්නේ නෑ - එස්.බී ගෙන් හෝ සුසිල් ගෙන් අහන්න - විජයමුණි සොයිසා

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහිදී දුමින්ද දිසානායක සහ විජිත් විජයමුණි සොයිසා යන අමාත්‍යවරුන් දෙසට යොමුවී එජාප ඇමතිවරුන් මේ පිළිබඳ විමසා ඇති අතර එහිදී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දුමින්ද අමාත්‍යතුමාගෙන් නොව පසුගිය දිනවල මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ එස්.බී හෝ සුසිල් අමාත්‍යවරයාගෙන් ඒ බව විමසන ලෙසය.

නැතිනම් දුමින්ද ඇමතිතුමා හෝ තමන් කියන මතය පක්ෂයේ නිල මතය නොවන බවට පැවසීමට ඉඩ තිබෙන බවද විජයමුණි සොයිසා අමාත්‍යවරයා සඳහන් කර ඇත.

80053 1
මම ශ්‍රීලනිප ප්‍රකාශකයා නෙවෙයි: සුසිල් හරි නිමල් ඇමතිතුමාගෙන් අහන්න - එස්.බී

එහිදී එජාප ඇමති පිරිසක් එස්.බී දිසානායක වෙත යොමුවී 'මේ ඉන්නේ ප්‍රකාශක, ඇත්තටම ඇමතිතුමා අපි තවම නිල වශයෙන් ශ්‍රීලනිප මතය දන්නේ නෑ. කරුණාකරලා කියන්න?" යි පවසා ඇත.

එසේ පවසමින් එස්.බී. දිසානායක අමාත්‍යවරයා අසලට එජාප ඇමතිවරුන් කිහිපදෙනෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එම ස්ථානයට පැමිණ ඇත. එහිදී එජාප ඇමති පිරිස "ආ.. ඔන්න අගමැතිතුමාත් ඉන්නවා. නිල මතය මූනටම කියන්න" කියමින් අග්‍රාමාත්‍යවරයාව එස්.බී අමාත්‍යවරයාගේ ඉදිරියට යොමුකර ඇත.

එහිදී එස්.බී අමාත්‍යවරයා සිනාසෙමින් සඳහන් කර තිබෙන්නේ තමන් ශ්‍රීලනිප ප්‍රකාශකයා නොවන බවත් සුසිල් හෝ නිමල් ඇමතිතුමා වෙතින් පක්ෂයේ මතය විමසන ලෙසය. එසේ කියමින් ඇමතිවරයා "කෝ මේ සුසිල් ඇමතිතුමා, කියා එම අමාත්‍යවරයා දෙස හැරුණත් සුසිල් අමාත්‍යවරයා බිම බලාගෙන සිට ඇති අතර අවසානයේ ශ්‍රීලනිප මතය පවසන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිරියට යොමුකර ඇත්තේ නිමල් සිරිපාල අමාත්‍යවරයාවය.

Nimal Siripala De Silva
ඔබතුමා ඉල්ලා අස්වෙන්න කියලා පොදු යෝජනාවක් තියනවා. ඔන්න ඒක පෞද්ගලික එකක් එහෙම නෙවෙයි - නිමල්

එහිදී නිමල් සිරිපාල අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ "විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න පෙර ඔබතුමා ඉල්ලා අස්වෙන්න ඕන කියන එක තමයි" යනුවෙන්ය.

එසේම මෙම යෝජනාව කිසිවෙකුගේ පෞද්ගලික යෝජනාවක් ලෙස වරදවා නොසිතන ලෙසත් මෙය ශ්‍රීලනිප පාර්ශවයේ පොදු යෝජනාවක් ලෙස සළකන ලෙසද කියමින් නිමල් අමාත්‍යවරයා සඳහන් කර තිබෙන අතර එසේම මෙය තමාගේවත් පොදු මතය නොවන බවද පවසා ඇත.

13405c45037f8d55f83a47b8d153c0df XL
අපේ මතයත් අහගන්න ! ඉල්ලා අස්වීම් මොකුත් නෑ. : අපි ආණ්ඩුවයි අගමැතිතුමාවයි දිනවනවා, එච්චරයි - මංගල

එහිදී නැගීසිටි මංගල සමරවීර අමාත්‍යවරයා "ආ.. ඔයාලගේ මතය ඒක නම් අපේ මතයත් අහගෙන යන්න කියා නැගීසිට පසුව "එක්කෝ අගමැතිතුමාම කියන්න" කියා ඇත. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ "නෑ.. මංගල ඔයා කියන්න" කියාය.

"විශ්වාසභංග යෝජනාව අගමැතිතුමා විතරක් නෙවෙයි සමස්ථ ආණ්ඩුවම ඉලක්ක කරලයි ගෙනල්ලා තියෙන්නෙ. ඒ නිසා අපේ තියෙන්නෙ එක මතයයි. ඒ මේ විශ්වාසභංගය පරාජය කරන එක. අපි කොන්දේසි විරහිතව ආණ්ඩුවත් අගමැතිතුමාවත් රකිනවා. කිසිම ඉල්ලා අස්වීමක් නෑ, එච්චරයි." මංගල අමාත්‍යවරයා පවසා ඇති අතර ශ්‍රීලනිපයේ පිරිස් එය අසාගෙන සිට එතනින් ඉවත්ව ගොස් ඇත.

එහිදී විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයා උස්හඬින් පවසා ඇත්තේ " මහලොකුවට නැති තැන වල ටෝක් දෙනවා ගත්ත තීරණය කියාගන්න බැරිව ඇඹරෙනවා" කියාය.

ශ්‍රීලනිපයට මත දෙකක් : ආණ්ඩුව රකින්න පිරිසක් දැඩි මතයක

 

කෙසේ වුවත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව මේ වන තුරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදු මතයක් නොමැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි. එසේම ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය අනිවාර්යයෙන් ජය ගැනීමට ආණ්ඩුවට සහය දිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නැවත වරක් ජනාධිපතිවරයා සමඟ අද (03) නැවත සාකච්ඡාවක් සඳහා සුදානම් වන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න