අගමැති - ජනාධිපති තීරණාත්මක හමුවක : සාකච්ඡාව දැන් ජනාධිපති නිල නිවසේ

අගමැති - ජනාධිපති තීරණාත්මක හමුවක : සාකච්ඡාව දැන් ජනාධිපති නිල නිවසේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට විශ්වාසභංග යෝජනාව සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් මෙහිදී දෙදෙනා අතර සිදුවීමට නියමිතව ඇත.

ඊයේ (02) දිනයේද අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කළ අතර එහිදී තම ශ්‍රීලනිප පාර්ශවය සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා පැය 24ක කාලයක් ඉල්ලා තිබිණ.

කෙසේ නමුත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට පෙර අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡාව අතිශය තීරණාත්මක වනු ඇති බවත් රටේ බරපතල දේශපාලන පෙරළි රැසක ආරම්භය මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලය මත තීරණය වනු ඇති බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න