අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් අතර අද (03) දිනයේද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
අද දිනයේ මෙම සාකච්ඡාව සිදුවන්නේ ඊයේ (02) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතාව මතය.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍ය පිරිස ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී සම්මුති ආණ්ඩුව අඛණ්ඩව තිබිය යුතු බවට තමන් විශ්වාස කළත් ජනමතය පදනම් කරගෙන ශ්‍රීලනිප පාර්ශවය අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එසේම ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම් වුයේ පසුගිය දෙසැම්බර් මාසයේ බවත් එහෙත් පළාත් පාලන ජන්දය අවසන්වන තුරු හෝ ඔවුන් ආණ්ඩුවේ රැඳුණේ තම ඉල්ලීම නිසා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
සම්මුති ආණ්ඩුව කඩන්න හදන්නේ : ඉඩදෙන්න එපා - එජාපෙ
එහිදී අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය පෙන්වාදී තිබෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ අභිලාෂයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට පරිභාහිර පාර්ශවය ඉදිරිපත් කර ඇති බවත් මේ මොහොතේ ආණ්ඩුව රැකගැනීමට නම් ඊට එකට මුහුණදිය යුතුව තිබෙන බවය.
පැය 24ක් දෙන්න, උත්සාහ කරන්නම් - ජනාධිපති සිරිසේන
එහිදී ජනාධිපතිවරයා පැය 24ක් තුළ තමන් යම් උත්සාහයක් ගෙන බලන්නම් යනුවෙන් පවසා ඇති අතර අද සාකච්ඡාව එම අවසන් තීරණය දැනගැනීම සඳහා සිදුවන්නක් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

