විශ්වාසභංගය හමුවේ ජනාධිපති ස්වාධීනයි! : උපදෙස් දෙන්න මහින්ද සාකච්ඡාවක් කැඳවයි

විශ්වාසභංගය හමුවේ ජනාධිපති ස්වාධීනයි! : උපදෙස් දෙන්න මහින්ද සාකච්ඡාවක් කැඳවයි

විශ්වාසභංග යෝජනාව සම්බන්ධව තමන් කිසිඳු පාර්ශවයකට බලපෑමක් නොකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියළු මන්ත්‍රීවරුන්ට නිදහසේ ස්වාධීනව තම අභිමතය ප්‍රකාශ කිරීමට ඉඩදෙන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මෙම අදහස දක්වා ඇත්තේ අද (03) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප ඇමති කණ්ඩායමක් ජනාධිපති නිල නිවසේදී හමුවූ අවස්ථාවේය.

එහිදී ඊයේ (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුවහොත් තම පාර්ශවය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජන්දය ලබාදෙන බවට වන තීන්දුව සම්බන්ධවද අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඇමති පිරිස ජනාධිපතිවරයාගෙන් විමසා ඇත.

එහිදීද ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එය ශ්‍රීලනිප කණ්ඩායමේ තීරණයක් බවත් තමන් කිසිවකට බලපෑම් නොකරන්නට තීන්දුකර සිටින බවය.

ජනාධිපතිවරයා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම්, අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් සහභාගී වූ බවද වාර්තා වෙයි.

මහින්ද ඒකාබද්ධයේ නායකයින් කැදවයි

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය විවාදයට ගන්නා අවස්ථාවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නායකයින් කැදවා ඇතැයි වාර්තා වෙයි.

ඊම සාකච්ඡාව අද (03) පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම පිහිටි නිවසේ පැවැත්වෙන අතර එහිදී මේ වන විටත් විශ්වාසභංග යෝජනාවට පක්ෂ විපක්ෂ කොටස් සම්බන්ධව ලැබී ඇති සියළු තොරතුරු සහිතව පැමිණෙන ලෙසද ඔවුන්ට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න