හොරු ඇල්ලීම කඩිනම් කරන පනතට ගොක්කොළ පෙනෙයි

හොරු ඇල්ලීම කඩිනම් කරන පනතට ගොක්කොළ පෙනෙයි

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වියයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට දැනුම්දී ඇත.

අදාළ පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම හමුවේ මේ බව දැනුම්දී ඇති අතර ඒ බව අද (03) කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.

අදාළ පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එම වගන්ති සංශෝධනය කරන්නේ නම් පනත සම්මත කිරීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය අනවශ්‍ය බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකර තිබෙන දැනුම්දීමේ සඳහන් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

හොරු ඇල්ලීම කඩිනම් කරන්න වැදගත් යෝජනාවක්

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතෙහි 12 වැනි වගන්තියට තවත් අලුත් වගන්ති තුනක් ඇතුළත් කිරීම මඟින් පනත සංශෝධනය කරමින් "අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත" පාර්ලිමේන්තුවට ගෙන ඒමේ මුලික අපේක්ෂාව වුයේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් විභාගකොට තීන්දු ලබාදීම වෙනුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමය.

අදාළ සංශෝධන යටතේ පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයේ විනිශ්චයකාරවරයන් අතුරින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන, එකවර අසුන්ගන්නා විනිශ්චයකාරවරයන් තිදෙනකුගෙන් සමන්විත වූ ඉන් එක් විනිශ්චයකාරවරයකු එම අධිකරණයේ සභාපතිවරයා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබ තිබිණ.

දිනේෂ් සහ යූ.ආර්.ද සිල්වා විරුද්ධව උසාවි ගියා

කෙසේ වුවත් එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා ඒ අතර සිටි ප්‍රධාන පෙත්සම්කාර පාර්ශවයන්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද අවස්ථා ගණනාවකදී මෙම පනත දැඩිලෙස විවේචනය කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න