විශ්වාසභංග යෝජනාව ගැන TNA තීන්දුව අද රාත්‍රියේ

විශ්වාසභංග යෝජනාව ගැන TNA තීන්දුව අද රාත්‍රියේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව තම පක්ෂය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් අදාළ තීරණය අද (03) රාත්‍රියේ ගැනීමට අපේක්ෂා කරන බවත් සහ ද්‍රවිඩ සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්.සම්බන්දන් සඳහන් කර ඇත.

විපක්ෂ නායක ආර්.සම්බන්දන් ඇතුළු TNA මන්ත්‍රී කණ්ඩායමක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණු අතර එම හමුවෙන් පසුව ඔහු මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කර තිබේ.

එසේම තම කණ්ඩායම පක්ෂ කිහිපයක එකතුවක් බවත් එහෙයින් ඒකපාර්ශවීය තීන්දුවක් ගැනීමට හැකියාවක් නොමැති අතර සියල්ලන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම පොදු අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ වන විට TNA මන්ත්‍රීවරුන් 16ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ TNA මන්ත්‍රීවරු බහුතරයකගේ සහය අග්‍රාමාත්‍යවරයාට හිමිවනු ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න