රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවේදී ජන්දය දෙන අයෙක් වෙයි නම් ඔවුන්ගේ උප්පත්තිය ගැන හොයා බලන්න අවශ්‍ය බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සඳහන් කරයි.
කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතා බව කවුරුත් සිහිතබාගත යුතු බවය.
එසේම තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීම ගැටළුවක් වූ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා අද බොහෝ දෙනෙකු බේරී සිටින්නේද එක්සත් ජාතික පක්ෂය නිසා බවද අවධාරණය කර සිටියේය.
එසේම අග්‍රාමාත්‍යවරයාව එම ධූරයෙන් ඉවත්කරන්නට හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් වන බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

