රජයට සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව අවසන්වූ වහාම එජාප ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බවට නායක රනිල් වික්‍රමසිංහ විසින් එජාප පාර්ලිමේන්තු කණ්ඩායම වෙත දැනුම්දී ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
අද (03) පැවති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව නිවේදනය කර තිබෙන අතර ඒ වෙනුවෙන් අප්‍රේල් 7 හා 8 යන දෙදින පුරා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡා වට 2ක් මේ වන විටත් කැඳවා ඇති බවද වාර්තාවෙයි.
එජාප මධ්‍යම කාර්යාංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පත්කරන ලද රුවන් විජේවර්ධන කමිටු යෝජනා සහ දැනට ලැබී ඇති වෙනත් අදහස් හා යෝජනාද දීර්ඝව සාකච්ඡාකොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවත් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අප්‍රේල් 30ට ට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත්කිරීමට ප්‍රථම ඒ සඳහා පක්ෂයේ ජේෂ්ඨ නායකයින්ගේ අදහස් ලබාගන්නා බවද එම නිවේදනයේ සඳහන්ය.

