TNA තීන්දුවක් ගනී : කොන්දේසි සහිතව මන්ත්‍රී 14 කගේ සහය අගමැතිට: දැනටමත් අගමැති දිනුම්

TNA තීන්දුවක් ගනී : කොන්දේසි සහිතව මන්ත්‍රී 14 කගේ සහය අගමැතිට: දැනටමත් අගමැති දිනුම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ජන්දය ලබාදීමට ද්‍රවිඩ සන්ධානය තීරණය කර ඇත.

අද (03) සන්ධ්‍යාවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය දැනුම්දී ඇත.

මන්ත්‍රී 14ක් දැනටමත් පක්ෂයි

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගීව ඇති අතර ද්‍රවිඩ සන්ධානය නියෝජනය කරමින් ආර්.සම්බන්දන් ඇතුළු මන්ත්‍රීවරුන්‌ 13 දෙනෙකු අදාළ සාකච්ඡාවට සහභාගී වී ඇත.

එහිදී ඊට සහභාගීවීමට නොහැකිවූ මන්ත්‍රීවරයෙකුද දුරකථනය හරහා අදාළ සාකච්ඡාවට සම්බන්ධවී ඇති අතර එම මන්ත්‍රීවරයාද අදාළ ජන්ද විමසුමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පක්ෂව ජන්දය ප්‍රකාශ කරන බව තහවුරු කර ඇත.

කොන්දේසි හෙට හෙළිකරනවා

 කෙසේ වුවත් TNA පාර්ශවය සඳහන් කර සිටින්නේ අදාළ සහය දැක්වීම කොන්දේසි සහිතව ලබාදුන්නක් වන බවය. එම කොන්දේසි පිළිබඳ තම පාර්ශවය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය කණ්ඩායමට දැනුම්දුන් බවත් ඊට ඔවුන් එකඟතාව පළකිරීම මත තම සහය අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදෙන බව ඔවුන් අවදාරණය කර සිටියි.

එහිදී ඇතිකරගත් එකඟතා මොනවාද යන්න හෙට පැවැත්වෙන විශ්වාසභංග විවාදයේදී හෙළිකරන බවද ඔවුන් සඳහන් කරයි.

මේ පිළිබඳ අප කල වැඩිදුර කරනු විමසීමේදී TNA පාර්ශවය සඳහන් කර සිටියේ රැකියා විෂමතාව, සංහිඳියාව ක්‍රියාවලිය අඛණ්ඩ කිරීම ඇතුළුව තම ජනතාවට වැදගත් කොන්දේසි කිහිපයක් තම පාර්ශවය විසින් අග්‍රාමාත්‍ය රනිල් ඇතුළු අමාත්‍ය කණ්ඩායමට ඉදිරිපත් කල බවය.

පරිපාලන කටයුතුවල සිට දේශපාලන ප්‍රශ්න කිහිපයක් තියනවා

නිදර්ශනයක් වශයෙන් යාපනය ප්‍රදේශයේ අධ්‍යාපන අමාත්‍යංශ පුරප්පාඩුව පිරිමැසීම සඳහා අදාළ නිලධාරියා කුරුණෑගල ප්‍රදේශයෙන් එවීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර ඇති බවත් එවැනි පරිපාලන ගැටළු මෙන්ම ජනතාවට සෘජුව බලපාන කාරනා කිහිපයක් ආවරණය වන ආකාරයට තම යෝජනා ඉදිරිපත් කල බවද ඔවුන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න