එස්.බී ඇමතිට මනෝ භ්‍රාන්තිය : බැලු බැලු හැම තැනම රවී පෙනෙයි : බොරු ඔත්තු සේරම අතේ මාට්ටු

එස්.බී ඇමතිට මනෝ භ්‍රාන්තිය : බැලු බැලු හැම තැනම රවී පෙනෙයි : බොරු ඔත්තු සේරම අතේ මාට්ටු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පදනම් කරගෙන අමාත්‍ය එස්.බී දිසානායක දැඩි මානසික ආතතියකට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ තමන් කිසිවිටෙකත් නොසිතූ ආකාරයට අදාළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව ලැබෙමින් පැවතීමත් අග්‍රාමාත්‍යවරයා පරාජය කරවීම වෙනුවෙන් තමන් මැදිහත්ව ප්‍රචාරය කළ  ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව තහවුරුවීමට ගෙන ඇති නිසාත්ය.

හිතුවේ රනිල් පැරදෙයි කියලා

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය රනිල් පරාජයට පත්වනු ඇතිබව සලකා ඔහු විසින් අසත්‍ය පුවත් මැවීමේ විශේෂ මාධ්‍ය මෙහෙයුමක් දියත්කර තිබු නමුත් ඒ සියල්ල එස්.බී අමාත්‍යවරයාත් නොදැනුවත්වම පට්ටපල් බොරු බව පත්ව ඇත.

වාර්තා වන ආකාරයට එම මාධ්‍ය අනාවරණයන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල්ට එරෙහිව හිටපු අමාත්‍ය රවී කරුණානායක කටයුතු කරමින් සිටින බව ප්‍රචාරය කිරීමය. ඒ අනුව පළමු වටයේදී පසුපෙළ මන්ත්‍රී 40 ක් සමඟ රවී අගමැතිට එරෙහිවේ, පසුපෙළ මන්ත්‍රී 25ක් සමඟ රවී ජනාධිපති හමුවේ යනුවෙන් පුවත් නිර්මාණය කර ඇත.

අන්න රවී ජනාධිපති මන්දිරේ - එස්.බී හීනෙන් දොඩවයි

පසුව එම පුවත් සත්‍ය බවට එක්සත් ජාතික පක්ෂය වෙත තහවුරු කිරීමට එස්.බී අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක මාධ්‍ය නඩය එජාප ප්‍රබලයින් වෙත දුරකථන ඇමතුම් ලබාදීමට කටයුතු කර ඇත.

එහිදී ඔවුන් "මෙන්න රවී මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ජනාධිපති හමුවීමට ඇවිත්" යනුවෙන් ස්ථානය සහ වේලාව පවා සඳහන් කර තිබෙන අතර එස්.බී ඇමතිට පිස්සු තදවී තිබෙන්නේ ඒ ආකාරයට දුරකථන ඇමතුම් ලබාදුන් අවස්ථා ගණනකදීම රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයින් සමඟ සිටිබව තහවුරුව ඇති නිසාය.

ඒ අනුව අප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එස්.බී අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් රවී කරුණානායක ජනාධිපති හමුවට පමිණ ඇති බවට ඇමතුමක් ලබාදී ඇති නමුත් ඒ අවස්ථාවේ රවී කරුණානායක සත්‍ය ලෙස අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක සිට ඇති බවය.

අගමැති සහ රවී ගැන බොරු අතේ මාට්ටු

නැවතත් අන්න රවී මන්ත්‍රී කණ්ඩායමක් සමඟ පැමිණ ජනාධිපති සමඟ සාකච්ඡාවක සිටින බවට ඇමතුමක් එජාප පාර්ශවයට ලබාදී ඇති නමුත් ඒ අවස්ථාවේ රවී කරුණානායක සිට ඇත්තේ සිය පවුල සමඟ ඉෂිනි වික්‍රමසංහගේ සාදයකය.

මේ ආකාරයට අවස්ථා ගණනකදී එස්.බී අමාත්‍යවරයා රවී කරුණානායක මන්ත්‍රීවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොටවන්නට උත්සාහ ගෙන ඇති නමුත් එය දිගින් දිගටම අසාර්ථක වී ඇත.

පසුව එස්.බී අමාත්‍යවරයාගේ පාර්ශවයෙන්  ඇමතුම් ලැබෙන විට "ආ ඇමතිවරු කීයක්ද? මන්ත්‍රීවරුන් කීයක්ද? හැම පැත්තේම රවී පේනවා එයා එක්ක ඉන්න මන්ත්‍රී ගාන කියන්න කියමින් එස්.බී අමාත්‍යවරයා හාස්‍යට ගැනීමට එජාප පාර්ශව කටයුතු කර තිබෙන බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න