ආණ්ඩුවට සහය පළකරමින් මෙතෙක් අමාත්‍යධුර සහිතව කටයුතු කළ මුස්ලීම් දේශපාලනයේ ප්‍රධාන පාර්ශව දෙක වූ රවුෆ් හකීම් පාර්ශවය සහ රිෂාඩ් බදියුදීන් පාර්ශවය විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීම හමුවේ අග්‍රාමාත්‍යවරයාට සහය දෙන බව තහවුරු කර ඇත.
වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් සමඟ පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ප්‍රධාන මුස්ලීම් දේශපාලන පාර්ශව මෙම එකඟතාව පළකර ඇත.
කෙසේ වුවත් මෙහිදී අමාත්‍ය රවුෆ් හකීම් විසින් තම මුස්ලීම් කොංග්‍රසය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාට සැලකර ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ අදාළ ආයතන සම්බන්ධව මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන බලය ලබාගැනීමට කටයුතු කිරීමේදී තම පාර්ශවයට බලවත් අසාධාරණයක් සිදුවූ බවය.
එහිදී පැනනැගුණු ප්‍රශ්න කතා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම්වරයා මුණගැසීමටවත් අවස්ථාවක් නොලැබුණ බවත් ඉද්රියෙදී තවත් එවැනි මදිපුංචිකම් තම පාර්ශවයට අත්විඳින්න නොදෙන ලෙසද රවුෆ් හකීම් අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර ඇත.
එසේම තම අවනඩුව අප්‍රේල් 4 වනදායින් පසු අමතක නොකරන ලෙසත් පක්ෂය ප්‍රතිසංවිධානය කරන කටයුත්තේදී ඒ ගැන අවධානයෙන් කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයාට ඔහු වැඩිදුරටත් පැවසු බව වාර්තා වෙයි.

