නියෝජ්‍ය කතානායක තිලංගට එරෙහිවත් විශ්වාසභංගයක්

නියෝජ්‍ය කතානායක තිලංගට එරෙහිවත් විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව සිය පාර්ලිමේන්තු ධූරයට නොගැළපෙන ලෙස කටයුතු කළ පදනමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට අප්‍රේල් 04 මුලාසනයට පැමිණීම වළක්වාලීමේ සුදානමක එජාපය සිටින බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරවීම සහ ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම ඊට අදාළ මුලික චෝදනා වී ඇත.

මේ බව අවධාරණය කරමින් ඊයේ (03) පැවති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී මැති ඇමතිවරුන් ගණනාවක් අදහස් දක්වා ඇති අතර එහිදී ඔවුන් නිදර්ශනයට ගෙන තිබෙන්නේ කතානායක කරු ජයසුරිය ය.

කතානායක කරු ජයසුරිය මේ අවස්ථාවේ කටයුතු කරන ස්වාධීන හැසිරීම පවත්වා නොගෙන නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කෙළෙසා ඇති බවත් ඒ හෙයින් ඔහුට කොහෙත්ම අප්‍රේල් 4 වැනි තීරණාත්මක මොහොතක මුලාසනය ලබාදීමට ඉඩදිය නොහැකි බවත් අදාළ සාකච්ඡාවේදී ඒකමතිකව තීන්දු කර තිබෙන බවද වාර්තා වෙයි

එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානයකධුරයෙන් ඉවත් කිරීමට යෝජනා කරමින් විශ්වාසභංගයක් ගෙන ඒමටද සූදානමක් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න