ලංකා පාර්ලිමේන්තුවේ හූ කියා එලවා දැමූ : පළමු විධායක ජනාධිපති !

ලංකා පාර්ලිමේන්තුවේ හූ කියා එලවා දැමූ : පළමු විධායක ජනාධිපති !

ලංකාවේ කිසිදු විධායක ජනාධිපතිවරයෙකු මුහුණ නොදුන් අවමන් සහගත අවස්ථාවකට ගෝඨාභය රාජපක්ෂ  අද මුහුණ දුන්නේය.

විධායක ජනාධිපතිවරු 06 දෙනෙකු වසර 44 ක ලංකා පාර්ලිමේන්තුව පැමිණ ඇත. එය අමතා ඇත. නමුත්, කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාගේ නම කියමින් පාර්ලිමේන්තුවෙන් පිටවන තැනට හු කියමින් විරෝධයක් එල්ල වූ වේ නැත.

2022 ජූලි 05 විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ටික වේළාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ල කළ විරෝධය, හූ හඩ නිසා පාර්ලිමේන්තුවෙන් නැගිය ගියේය.

ජනාධිපතිවරයෙක් සභාවේ සිටිය දී පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වූවේ ද ලංකා ඉතිහාසයේ පළමු වතාවට ය.

දියවන්නා පාර්ලිමේන්තු කාමරයක දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ක්‍රියාවකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය (2000 අගෝස්තු) කතා කරන විට එදා විපක්ෂයේ සිටි එජාපය එයට විරෝධය දැක්වීය. ව්‍යවස්ථා කෙටුම්පත ගිණි තැබුවේය. නමුත්, චන්ද්‍රිකා තමන්ගේ පාඩුවේ තමන්ගේ කතාව කරගෙන ගියේය.

පාර්ලිමේන්තුවේ කතා කරන විට එයට වාචික විරෝධය දැක්වීම පාර්ලිමේන්තු සම්ප්‍රාදයට අනුකූලය. පාර්ලිමේන්තුව ඇත්තේ කතා කරන්න, විරෝධය දක්වන්ට අදහස් දක්වන්නටය. එදා චන්ද්‍රිකා ජනාධිපතිනිය තම ශක්තිය, ආත්ම විශ්වාසය දක්වමින් විපක්ෂයේ අභියෝගයට සභාවේ දී මුහුණ දුන්නාය.

ගෝඨාභය ජනාධිපතිවරයා ඉතිහාසගත වන්නේ සභාවට පැමිණි මොහොතේ සිට පිටව යන තුරු විරෝධයට ලක්වූ, ඒ ගැන පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කිසිදු විරෝධයක්, ප්‍රතිචාරයක්, අභියෝගයක් නොකළ අයෙකු ලෙසය. සාමාන්‍ය යෙන් ජනපති, අගමැති, විපක්ෂ නායක, සභානායක, විපක්ෂයේ සංවිධායකට අනුපිළිවෙල අනුව කතානායකගෙන් තම මතය කියන්නට අවස්ථාව ලබාගත හැකිය. ජනපති ගෝඨාභයට තමන්ට එල්ල වන විරෝධයට වචනයක් කියාගත නොහැකි වූවේය.

කිසිවෙකුත් ජනාධිපතිවරයා (මතවාදීව) බේරාගන්නට සභාවට කරුණු දැක්වූවේ ද නැත. ‘ගෝඨා ගෝ හෝම්‘ යැයි කියන විට නැගිට ගියා පමණී.

රජිත් කීර්ති තෙන්නකෝන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න