ජනාධිපති හරි අතට : හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්නයි උපදෙස්

ජනාධිපති හරි අතට : හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්නයි උපදෙස්

මෙම විශ්වාසභංග යෝජනාව හමුවේ තමන් කිසිම පාර්ශවයක් නොගෙන ස්වාධීන වන බවත් එසේම තම තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න යන නිර්දේශය පමණක් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට නිර්දේශ කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.

ඒ ඊයේ (03) රාත්‍රීයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ගේ විශේෂ හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විශ්වාසභංගය කවර පාර්ශ්වය ජයග්‍රහණය කළත් ඒ පාර්ශවය සමඟ ජනාධිපතිවරයා ලෙස ආණ්ඩු කිරීමට තමන්ට සිදුවන බැවින් තමන් එම තීන්දුව ගනුලැබූ බවය. එසේම එය පක්ෂයේ කිසිවෙකුත් බලපෑමක් කරගතයුතු නැති බවත් ස්වාධීනව තම මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සියළු දෙනාට හිමි බවය.

එසේම බෙදී වෙන්වන්නේ නැතිව පක්ෂයක් ලෙස එකට සිටීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපහිවරයා අවධාරණය කර ඇත.

ශ්‍රීලනිප කණ්ඩායමේ තවත් සාකච්ඡාවක් : පෙරවරු 9.00 ට

ඒ අනුව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නැවතත් අද (4) පෙරවරු 9.00 ට රැස්වීමට නියමිතව ඇත.

එහිදී විශේෂ අවධානයක් යොමුකොට තිබෙන්නේ පක්ෂයේ බෙදීමක් සිදුනොවන ආකාරයට පොදු තීරණයක් ගන්නේ කෙසේද යන්නය.

ඊට හේතුවී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පදනම් කරගෙන එම පක්ෂයේ දරුණු බෙදීමක් සිදුව තිබීමය.

පක්ෂය බෙදීම වළක්වා ගන්න පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ යෝජනාවක්

එම බෙදීම වළක්වා ගැනීම වෙනුවෙන් මේ වන විටත් ඉදිරිපත්ව තිබෙන යෝජනාවක් වී ඇත්තේ ශ්‍රීලනිප පාර්ශවයේ සියළුදෙනා විශ්වාසභංගය වර්ජනය කරමු යන්නය. මෙම යෝජනාවට මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව වෙනුවෙන් ජන්දය ලබාදෙන බවට ප්‍රසිද්ධියේ පෙනීසිටින නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි සහ විජිත් විජයමුණි සොයිසා යන අමාත්‍යවරුන් එකඟත්වය පළකර ඇත.

එහෙත් තිලංග,එස්.බී,සුසිල් පාර්ශවය මේ සම්බන්ධව අදහස් දැක්වීමක් තවමත් සිදුකර නොමැත.

මේ අතර පක්ෂයේ බෙදීමක් සිදුවන ආකාරයට තීන්දුවක් ගැනීමට යනවා නම් සරත් අමුණුගම, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, පියසේන ගමගේ, සාරද දුෂ්මන්ත ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සුදානම් වන බවද වාර්තා වන අතර කෙසේ නමුත් අද පෙරවරු 9.00 ට තිබෙන සාකච්ඡාව තීරණාත්මක බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න