අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ විවාදය සහ ජන්ද විමසීම වර්ජනය කිරීමට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණය කල බව වාර්තා වෙයි.
ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම අද (4) උදෑසන පැවැත්වූ සාකච්ඡාවේදි මෙම තීරණය ගත්බව රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි සදහන් කරයි.
ශ්‍රිලනිප ය මෙම තීන්දුව ගෙන තිබෙන්නේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය තුළ මත දෙකක් ඉදිරිපත් වූ බැවින් පක්ෂය බෙදී ජන්දය භාවිතා කිරීම වලක්වා ගැනීමට බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රිලනිප ය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන අතර ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ දී කටයුතු කිරීමට සූදානමින් සිටි පිරිස මෙම තීන්දුව හමුවේ බලවත් අපහසුතාවකට ලක්ව ඇති බවත් දැනගන්නට ඇත.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න

