අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයේ විවාදය සහ ජන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරන බව රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි සඳහන් කළත් ශ්‍රීලනිප ය එවැනි තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.
ඒ බව සඳහන් කරමින් ලක්ෂමන් යාපා අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ජන්දය භාවිතා කිරීම බවය. එම මතය කොහෙත්ම වෙනස් වී නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
ඩිලාන් - ලක්ෂ්මන් ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය පාර්ශවයට
මේ අතර ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විට රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් අද (04) දිනයේ ඒකාබද්ධ විපක්ෂය වෙත යාමේ සුදානමක් පවතින බවය.
කාලයක පටන් මෙම අමාත්‍යවරුන් පිරිස මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔවුන් මෙසේ එකතුවීමට සුදානම් වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය පාර්ශවයට බවට තොරතුරු ලැබී තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.