විශ්වාසභංගයට පක්ෂ ශ්‍රීලනිප 18 ලැයිස්තුව සමඟ විශ්වාසභංගයේ නිල නොළත් ප්‍රතිඵලය මෙන්න

විශ්වාසභංගයට පක්ෂ ශ්‍රීලනිප 18 ලැයිස්තුව සමඟ විශ්වාසභංගයේ නිල නොළත් ප්‍රතිඵලය මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදීමට ගිවිසගෙන සිටින මැති ඇමති ලැයිස්තුව මේ වන විට අනාවරණය වී ඇත.

ඒ,

ටී. බී. ඒකනායක 

නිශාන්ත මුතුහෙට්ටිගම 

සුසන්ත පුංචිනිලමේ

කාදර් මස්තාන්

අනුර ප්‍රියදර්ශන යාපා

තිලංග සුමතිපාල

ලක්ෂමන් වසන්ත පෙරේරා

දයාසිරි ජයසේකර

එස්.බී.දිසානායක

තාරනාත් බස්නායක

සුසිල් ප්‍රේමජයන්ත

අනුරාධ ජයරත්න

සුමේධා ජයසේන

ලක්ෂ්මන් යාපා අබේවර්ධන

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ඩිලාන් පෙරේරා

න්දිම වීරක්කොඩි

ජෝන් සෙනෙවිරත්න

යන මැති ඇමතිවරුන්ය.

මීට පෙර ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 22ක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දීමට අපේක්ෂාවෙන් සිටියත් මේ වන විට ඔවුන් තීරණය ගැනීම තවදුරටත් කල්තබා සහ ජන්දය වර්ජනය කිරීමට සුදානමක සිටින බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

විශ්වාසභංගයේ නිල නොළත් ප්‍රතිඵලය මෙන්න

මේ වන විට අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ නිල නොවන ප්‍රතිඵලයක් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කර තිබේ. මේ වන විට පාර්ලිමේන්තුව තුළ සිදුවෙමින් තිබෙන දේශපාලන වෙනස්වීම් සළකා බලා මෙම ගණනය කිරීම සිදුකර ඇත.

එම වාර්තාවට අනුව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්ද 76ක් ලැබීමට නියමිතව ඇත. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්ද 120ක් ලැබීමට නියමිතව ඇත. එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදීමට නියමිතව සිටි ශ්‍රීලනිප පිරිසක් ජන්දය වර්ජනයට සුදානමක් ඇති බවත් ඒ පිරිස 5-7 ත් අතර වන බවද පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමට නියමිතව තිබෙන්නේ රාත්‍රී 9.30 ටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න