වියදම් සීමා කරන්න : ජනාධිපති නියමයෙන් චක්‍රලේෙඛයක් !

වියදම් සීමා කරන්න : ජනාධිපති නියමයෙන් චක්‍රලේෙඛයක් !

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

වාර්තා වන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන ඇත .

වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද දැනුම් දී ඇත.

රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම් වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට සහ රජයේ අවශ්‍යතා සඳහා වන වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ .

එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත .

රාජ්‍ය ආයතන වල ඉන්ධන,විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පැනවීමට ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන අතර සමාජයේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව උදෙසා සහනයක් සැලසීමට නම් හැකි තරම් කැපකිරීම් කර රාජ්‍ය අංශය ද ආදර්ශයක් ලබා දිය යුතු බව දැනුම් දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න