ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රකාශයක් ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
ඇය සිය දරුවන් දෙදෙනා සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවකින් මෙසේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස ගිනි තැබුණු ජූලි 09 වනදා දුලාංජලී ප්‍රේමදාස එම ස්ථානයේ විරෝධතා උද්ඝෝෂණයක් සිදුකමින් අරගලකරුවන් ඒ වෙත කැඳවූ වීඩියෝ සාක්ෂි පවා තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
