ඉන්ධන, ගෑස් හා වී ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්න - සාගල

ඉන්ධන, ගෑස් හා වී ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්න -  සාගල

රට තුළ පවතින තෙල්, ගෑස් හා වී ක්ෂේත්‍රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි .

ඒ අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී බවත් වාර්තා වෙයි .

ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලද අතර එහිදී ඉන්ධන අර්බුදයෙන් පිඩාවට පත් ජනතාගේ ගැටලුවලට කඩිනමින් සහන සලසන ලෙසත් හෙතෙම උපදෙස් ලබාදී ඇත.

භූමිතෙල් සම්බන්ධ ගැටලුව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර, එම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසද ජනාධිපති උපදේශක සාගල රත්නායක උපදෙස් ලබාදුන් බවත් වාර්තා වෙයි .

සහල් මිල ඉහල යාම, වී ගොවියාට සහතික මිලක් ලබාදීම, සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන්විය. වී මිලදී ගැනීමේ දී වී අලෙවි මණ්ඩලය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කෙරිණි.
වී මිලදී ගැනීම කඩිනම් කරන ලෙසත් වී ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මේ වන විට පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ගෑස් මිලදී ගැනීම, ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින ගැටලුද කඩිනමින් නිරාකරණයට අවශ්‍ය පියවර ගැණුන බවත් වාර්තා වෙයි .

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආර් එච් එස් සමරතුංග මෙන්ම තෙල්, ගෑස් හා වී ක්ෂේත්‍රවල රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා බැංකු ප්‍රධානීන් පිරිසක් එක්ව සිට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න