නෝනව දාලා වියත්තු විපක්ෂයට ගිහිල්ලා !

නෝනව දාලා වියත්තු විපක්ෂයට ගිහිල්ලා !
 ඊයේ (31) අයවැය විවාදය ආරම්භ වෙන්න කලින්, පාර්ලිමේන්තුවේ සිදුවූ වැදගත්ම සිද්ධිය උනේ, පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ, මන්ත්‍රීවරු 13 දෙනෙක්, ආණ්ඩු පක්ශයෙන් ඉවත්වෙලා, ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගන්නා බව, කතානායකට දැනුම් දුන්නු එක. 
මේ සියළුදෙනා වෙනුවෙන් කතාවක් කලේ, පොහොට්ටු පක්ෂයේ  සභාපති, මහාචාර්ය ජී එල් පීරිස් හිටපු විදේශ ඇමතිතුමා... 
 ආරංචි විදියට යන්න ඉඳලා තියෙන්නේ 12 දෙනයි. ඒ ජී එල් පීරිස්, ඩලස් අලහපෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චරිත හේරත්, උදයන කිරිඳිගොඩ, ගුනපාල රත්නසේකර, කේ පී එස් කුමාරසිරි, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, වසන්ත බන්ඩාර. 
 හැබැයි ජී එල් කතාව පටන් ගන්න විනාඩි කිහිපයකට කලින්, ලලිත් එල්ලාවලත් , ජී එල් ලඟට දුවගෙන ගිහින් කිව්වලු ''සර් මමත් එනවා කියලා''. ඉතින් 13 දෙනෙක්ම විපක්ෂයට ගියා.
  මේ නම් ලැයිතුව කියවද්දී, ජී එල් නම්වලට ඉස්සරහෙන්  ආචාර්ය, මහාචාර්ය, නීතීඥය, වෛද්‍ය කියමින් හඳුන්වාදෙන කොට, විපක්ෂේ හිටපු සමහර මංත්‍රීවරු කෑ ගහල , ''ඉස්කෝලේ ගිය ඔක්කොම මේ පැත්තට එනවා ආන්ඩුවේ ඉතුරු වෙන්නේ ඉස්කෝලෙ ගියෙ නැති සෙට් එක විතරයි'' කියලා. 
 ඒ අතරේ ආන්ඩුවේම මංත්‍රී කෙනෙක්, ලග හිටපු මිත්‍රයා එක්ක විහිලු කරල තියෙනවා,  වියත්මගේ චන්දෙන් දිනලා ආපු ඔක්කොම යනවා, අර ගෝඨාභය  පිනට ගෙනාපු කුඩ නෝනා විතරයි අපිට ඉතුරුවෙන්නේ කියලා. 
 ඔය කියල තියෙන්නේ කා ගැනද දන්නවනේ. ඒ නෝනා නම් රාජ්‍ය ඇමතිකමක් බලාපොරොත්තුවෙන්, මේ දවස්වල නිතර බැසිල්ටයි රනිල්ටයි දෙන්නටම, දිගට හරහට කෝල් දෙනවලු. ඒ කාලේ වේදිකාවල විහාරමහා දේවිට ඇන්දට එයා, මොලේ තියෙන ගෑනියෙක්නේ. 
" ආන්ඩුවේ එල්ලිලා හිටියොත් ආයේ ජාතික ලැයිතුවවත් ට්‍රයි කරන්න පුළුවන්. නැත්නම් ලාස්ට් චාන්ස්. ඉතින් මොන මගුලට විපක්ෂයට යනවද" කියලා සමහර විට ඒ නෝනා හිතනවා ඇති. මොනවා වුණත් ඉතිං , නෝනගේ කැමැත්තනේ !
-දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න