සමගියේ බිත්තරේ මගේ කූඩුවේ : ඩයනාගෙන් හර්ෂට ප්‍රතිචාර !

සමගියේ බිත්තරේ මගේ කූඩුවේ : ඩයනාගෙන් හර්ෂට ප්‍රතිචාර !

සමගි ජන බලවේගයත් කර තිබෙන්නේ කපුටු කූඩුවේ බිත්තර දැමීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ පවසයි.

ඇය අද (01) පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කර සිටියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ (31) ප්‍රකාශ කළේ ‘‘රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ‘‘ බවයි.

‘‘කපුටු කූඩුවේ බිත්තර දැමූ කතාවක් ‘‘ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ බව කී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඒ කතාව ඇසුණු විට තමාට හිනා ගිය බව ද සදහන් කළාය.

සමගි ජන බලවේගය කර තිබෙන්නේ ‘‘මගේ කූඩුවට‘‘ පැමිණ බිත්තර දැමීම යැයි ද, ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබතුමාගේ නායකයාට පහර ගසන්නට එපා යැයි ද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එහිදී පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න