ඔන්න ඒපාර අලුතින් කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනකු පත් කරන්න තීරණය කරල කියල ආරංචියි.
ඉන් දහ දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඉතිරි දෙදෙනා සෙසු පක්ෂවලින් නම් කිරීමට නියමිතයි කියලයි කියන්නේ..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්එම් චන්ද්‍රසේන ඇතුළු දහ දෙනෙක් නම් යෝජනා වෙලා ලු..
ඒත් නාමල් කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ කියල ජනාධිපති රනිල්ට කියලා .
දුමින්ද දිසානායක, ජීවන් තොණ්ඩමන් , ඒඑල්එම් අතාවුල්ලා සෙසු පක්‍ෂ වලින් යෝජනා වෙලා.
දැනට කැබිනට් ඇමතිවරු 18 දෙනෙක් ඉන්නවා. ඔය කියන විදියට තව 12ක් එකතුවෙනවා.
කොහොම වුනත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියන්නේ 22 ව්‍යවස්ථා සංශෝධනෙට ඉස්සෙල්ල නම් කැබිනට් සංශෝධනයක් කරන්න ජනාධිපති රනිල්ගේ අදහසක් නැහැයි කියලා ...
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
