Image

''චන්දරේගෙ වයිෆ්'' නිවැරැදි ව තේරුම් ගන්නට උත්සාහ දරමු

''චන්දරේගෙ වයිෆ්'' නිවැරැදි ව තේරුම් ගන්නට උත්සාහ දරමු

ලලිත් රත්නායකගේ රිවර්ස්ටන් චිත්‍රපටය ඉහළම විචාරක - ප්‍රේෂක ප්‍රතිචාර මැද සාර්ථක ලෙස තිරගත වෙනවා. කොළඹ පමණක් නොව කොළඹීන් එපිට නගරවලත් house full වෙමින් තිරගත වීම ඇත්ත වශයෙන් ම ලාංකීය සිනමාවේ එක්තරා හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරිමක්.

රිවර්ස්ටන් තිරගතවීමට පෙර විශේෂ අවස්ථාවක දී නැරැඹු මොහොතේම ඒ කෙරෙහි මා සිත අසිමිත ලෙස බැඳුණා. එහෙත් එය අපේ ප්‍රේක්ෂකාගාරය මෙතරම් ඉහළින් එය පිළිගනිවි යයි විශ්වාසයක් තිබුණේ නැ. චිත්‍රපටය මෙහි තිරගතවීමටත් පෙර ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබුවා.reverstrn

චිත්‍රපටයක් ජාත්‍යන්තර සම්මාන ලද පමණින් අපේ ප්‍රේෂකයින් පිළිගත් බවක් බවක් අතීත අත්දැම් අනුව පෙනෙන්නට තිබුණේ නැ. ඒ නිසා රිවර්ස්ටන් මැතකාලින අපේ සිනමාව තුළ සැබැම ප්‍රබෝධයක් ඇති කරවන්නට සමත්වි තිබෙනවා.මේ ප්‍රබෝධය තුළ ම දැන් ප්‍රසන්න ජයකොඩි ගේ 'චන්දරේගෙ වයිෆ්'' තිරයට පැමිණ තිබෙනවා . එයත් තිරගතවීමට පෙර නැරැඹු අවස්ථාවේ දී මා සිත බැදුණා. එයත් ප්‍රේක්ෂකාගාරය දිනාගත හැකි චිත්‍රපටයක් යයි විශ්වාස කළ හැකියි.

රිවර්ස්ටන් වඩ වඩාත් ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට ඒ පිළිබද ලියැවුණු විචාර සහ අදහස් දැකවිම් ඉවහල් වුණා. දැන් චන්දරේගෙ වයිෆ් ගැනත් මත පළ කෙරෙනවා. රිවර්ස්ටන් චිත්‍රපටය ඉහළින් ම අගය කරන අය අතර තදින්ම විචේචනය කරන අයත් මට හමුවුණා. ඔවුන් සිනමාව සම්බන්ධයෙන් ප්‍රාමාණිකයින් විමත් විශේෂයක්. එහෙත් ඔවුන් ගේ විචාර මිණුමි දඩු යල්පැන ඇත්දැයි සැකයි. මට අනුව කිසියම් කලා නිර්මාණයක් විචාරය සඳහා අවශ්‍ය මිණුම් දඬු ඒ කෘතිය තුළින් ම නිර්මාණය කෙරෙනවා. කෘතිය විග්‍රහ කරගැනීමට ඒ මිණුම් දඩු පොහොසත් වෙනවා. එය නොතකා හැර පැරණි මිනුම් දඩු මතම පිහිටා චිත්‍රපටයක්ම කියැවිම හානිකරයි. එය කලා නිර්මාණයත් විචාරයත් පල් වළකට ඇද දැමිමක්. මේ හානිය පාරදිගේ චිත්‍රපටය තිරගතවූ අවස්ථාවේ දී ද සිදුවුණා. එවකට විචාරයේ යෙදි සිටි ප්‍රවිණ විචාරකයන් සියලු දෙනාම ඒ ඉදිරියේ මුනිවත රකිද්දී සම්මන්ත්‍රණ සංවිධානය කරමින් එය නිවැරදි ලෙස කියැවිමේ අවස්ථාව ලබා දෙන්නට අපට හැකි වුණා. ඉතින් චන්දරේගේ වයිෆ් දෙසත් අප පැරැණි විචාර මිනුම් දඩු මත කියැවිම ඒ නිර්මාණකරුවාටත් විචාරයටත් කෙරෙන අසාධාරණයක් ලෙස දකිනවා. එක් එක් නිර්මාණකරුවන් ගේ අතීත නිර්මාණ මත යැපි නව නිර්මාණ විනිශ්චය කිරීමට වඩා කෘතිය මගින්ම සපයා ඇකි විචාර මිනුම් දඬු මත එය කියවන්නට උත්සාහ දරමු.

images

sara 07 26 gunasiri

 

 

 

 

 

 

ගුණසිරි සිල්වා

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න