මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත .
ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට බ්‍රිතාන්‍යය බලා පිටව ගොස් ඇති නිසා මෙම පත් කිරීම කර ඇත.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කර ඇත.
ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වීමට ප්‍රථම ඔහු වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරිම සිදු කර ඇති අතර ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙනතුරු මෙකී පත්වීම් බලාත්මක ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
