Language Switcher

V2025

සජබ චෝදනා පුස්සක් වෙයි : හිටපු සතොස සභාපති හිරේ !

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ගේ දූෂිත පාලනය ඉදිරියට ගෙන යාම බව අද (20) සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිදුකළ චෝදනාව පුස්සක් වන සිදුවීමක් වාර්තා වෙයි .

ඒ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට අධිකරණ නියෝගයක් නිකුත්කර තිබීම හමුවේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලබුවේ, රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මතය.

සතොස ආයතනයේ සිදු වූ බවට සැක කෙරෙන කෝටි ගණනක අයථා ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ, මේ වසරේ පෙබරවාරි මාසයේ කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා තමා වෙත වාර්තා කරන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරිය වෙත නියෝග කරනු ලැබිණ .

එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදු කරනු ලැබිණ .

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන පත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ජනාධිපති කාර්යාලයේ නිදේශයක් මත බවත් එවකට වාර්තා විය.