Language Switcher

V2025

දුමින්ද සහ අමරවීරගේ ලේකම් පට්ටම් ගැළවෙන ලකුණු !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙසා කටයුතු කරන අමාත්‍ය දුමින්ද දිසානායක සහ පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලෙස කටයුතු කරන අමාත්‍ය මහින්ද අමරවීර යන අය එම ධූර වලින් ඉවත් කිරීමට යෝජනා කිරීමේ සැළැස්මක් දියත්ව තිබෙන බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ශ්‍රීලනිප 16 කණ්ඩායම විසින් මෙම යෝජනාව අද (09) පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එසේම ඔවුන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩු වන එම තනතුරු සඳහා ශ්‍රීලනිප ජේෂ්ඨ සාමාජිකයන් දෙදෙනෙකු පත්කළ යුතු බවටද අදාළ යෝජනාවේ සඳහන්ව ඇති බවත් ඒ සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාවේ අවසර නොලැබුණහොත් 16 කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.