ඛණිජ තෙල් පනතේ : වගන්ති අවුලක් !

ඛණිජ තෙල් පනතේ : වගන්ති අවුලක් !

ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.

ඊයේ (21) මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඊට අනුව "පනත් කෙටුම්පතේ 3(2) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට නොගැලපෙන බවත් එය සම්මත කළ හැක්කේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ විශේෂ බහුතරයෙන් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් බව" කතානායකවරයා පවසා ඇත.

එසේම පනත් කෙටුම්පතේ 7 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඇ) වගන්තිවලට නොගැලපෙන බවත් 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කළ හැකි බවත් එහි සඳහන් අතර තවත් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යුතුය යනුවෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වේ.

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට නොගැලපෙන බවද සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න