Language Switcher

V2025

රවී නිසා ජනාධිපති රනිල්ට තවත් තනතුරක් !

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානෙට යනවා . ඒ යන ගමන ගැන සුපුරුදු ගැහිල්ල විපක්ෂය පටන් අරගෙන තියෙන්නේ .

ඒත් ජනාධිපති රනිල් යන්නේ ජපානයේ විතරක් නෙවෙයි , පිලිපීනයටත් යනවා .

ඒ යන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගි වෙන්න එක්ක.

එහිදී ජනාධිපති රනිල්ට ආසියානු බැංකුවේ සභාපති ධූරය හිමිවෙනවා. මේ මොහොතේ ලංකාවේ මුදල් ඇමති විදිහට තමයි රනිල් ජනාධිපති ට මේ තනතුර හම්බෙන්නේ. වැඩේ කියන්නේ ඒ වෙනුවෙන් ඉල්ලීම කරලා තියෙන්නේ , 2016 දී. එතකොට මුදල් ඇමති රවී කරුණානායක .

කොහොමද ඒක . රවී ගැනත් මේ වෙනකොට පොලිටිකල් ගොසිප් හෝ ගාලා යනවා . රවී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වෙනවා වගේම , මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෙනවා කියලත් කතා ඒ අස්සේ ඇහෙනවා .

කොහොමටත් පාක්ෂිකයින් වගේම ආර්ථික විශ්ලේෂකයන් කියන්නේ , මේ අමාරුම වෙලාවේ , රවීලා ඉස්සරහට ඇවිත් ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න ඕන කියලා .

දේශපාලන වාර්තාකරු