Language Switcher

V2025

නවක වදයට වැටක් : රාජ්‍ය ඇමතිගේ වැඩක් !

නවක වදය ඇතුළු විවිධ වැරදි සඳහා යොමුවන විශ්වවිද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි .

නවකවදය, රාජ්‍ය දේපලවලට හානි කිරීම, ප්‍රචණ්ඩත්වය වැපිරීම වන චෝදනාවලට ලක්වන විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ විට ඔවුන්ගේ නම් අසාදු ලේඛණයට ඇතුලත් කරන බවද ඔහු පවසයි .

රජයේ රැකියා ලබාදීමේදී සහ වෘත්තිය මට්ටමේ ශිෂ්‍යත්ව ආදිය ලබාදීමේදී වෙනත් රජයේ පහසුකම් ලබාදීමේදී අසාදු ලේඛනයේ සිසුන් නොසලකා හරින බවද රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.