ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපාන මැදිහත්වීම ස්ථිරයි !

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපාන මැදිහත්වීම ස්ථිරයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි  (Yoshimasa Hayashi) අතර අද (27)  පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව අවධානය යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට තම රජය සූදානම්  බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම සමඟ බිඳ වැටුණු ජපන් ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කණගාටුව පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම එලෙස අවලංගු වූ ලංකාවට වඩාත් අත්‍යාවශ්‍ය එම ව්‍යාපෘති නැවත වතාවක් ආරම්භ කිරීමට තම රජය අපෙක්ෂා කරන  බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ,ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජන බලාපොරොත්තු වන බවය.

මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ, ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින්  ශ්‍රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බවයි.

2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවද විදේශ අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේය.

ජාත්‍යන්තර කටයුතුවලදී ජපානය ලබාදෙන සහාය අගය කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ  නිත්‍ය සාමාජිකත්වය දැරීමට ජපානය හා ඉන්දියාව ගෙනයන උත්සාහයට සහයෝගය දැක්වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාපධිපතිවරයගේ එම ප්‍රකාශය පිළිබඳ ප්‍රශංසා කළ ජපාන විදේශ අමාත්‍යවරයා ලෝක වේදිකාවේ ආසියාවේ නියෝජනය පුළුල් කළ යුතු බව තවදුරටත් අවධාරණය කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න