පාන් පිටි මිල පහළට !

පාන් පිටි මිල පහළට !

පාන් පිටි කිලෝවක මිල එන සතියේදී රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (03) පාර්ලිමේන්තුවේදී අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර නැගු ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්ය.

පාන් පිටි කන්ටේනර් සියයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවත් ඒවා ගොඩබෑම මේ වනවිට ආරම්භවී ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

පාන්පිටි සම්බන්ධයෙන් අද විශාල ගැටළුවක් පවතින බව තමා පිළිගන්නේ යැයි සඳහන් කළ නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රශ්නය ඇතිවුණේ පාන් පිටි නිෂ්පාදනය කරන මෙරට ප්‍රධාන සමාගම් දෙකට ඩොලර් නොමැතිකම හේතුවෙන් තිරිඟු ඇට ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා බවද පැවසීය.

එසේම ඉන්දියාවෙන් තිරිඟු පිටි අපනයනය තහනම් කෙරුණු බවත් ගෙන්වීමේ ප්‍රමාදය නිසා පාන් පිටි මිල ඉහළ ගිය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න