යහපාලන රජය පැවති කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන්ට අගමැතිකම භාරගන්නා ලෙස 71 වතාවක් ආරාධනා කළ බැව් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ සමගි ජනබලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා 71 වතාවක් මට ආරාධනා කළා. අගමැතිකම භාරගන්න කියලා. ඉන් 10 වතාවක් ආරාධනා කළේ ඔක්තෝබර් මස 26ට පෙර. 61 වතාවක් ඔක්තෝබර් 26 න් පසුව අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළා. මා එජාපයේ නියෝජ්‍ය නායකයා විදියට සිටියදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබියදී මට පුළුවන් ද රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධව පිටුපස්සෙන් ගිහින් කිණිස්සෙන් අනින්න. මට පුළුවන්ද අගමැති වෙන්න මම එදා ඒක ප්‍රතික්ෂේප කළා. ඒක කළේ ප්‍රතිපත්තියක් අනුව. සක්විති රජකම දෙනවා කීවත් ඒක කරන්න බැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාත් මට කීවා අගමැතිකම භාරගන්න කියලා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
