පාඨලීගේ දුරකථන සංවාද හොරෙන් ඇසූ CIDය පාර්ලිමේන්තුවට කැඳවයි!

පාඨලීගේ දුරකථන සංවාද හොරෙන් ඇසූ CIDය පාර්ලිමේන්තුවට කැඳවයි!

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ දුරකථන දත්ත හා සංවාද වලට නෛතික බලයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සවන්දීමට අදාලව අද (04) පාර්ලිමේන්තුවේදී තීරණයක් ගෙන තිබේ.

43 සේනාංකය සඳහන් කරන ලෙස 2021.09.24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා පවිත්‍රතා කටයුතු අමාත්‍යංශය තුළ සිදුවුයේ යයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාලව මෙසේ දුරකථන දත්ත හා සංවාද වලට නෛතික බලයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සවන්දී ඇත.

ඒ අනුව එළඹෙන 18 වනදා අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් හා දුරකථන ජාල සැපයුම්කරුවන්, වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවීමට මෙහිදී පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව මෙම තීරණය ගනු ලැබුවේ 2021.09.24 වන දින තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තමන්ගේ දුරකථන සංවාදයන් නිසි අවසරයකින් තොරව සවන්දීම මගින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් කතානායකවරයා වෙත යොමුකරන ලද ලිපියකට අදාලවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න