වගා කළ හැකි හැම ඉඩමකම වවන්න : ත්‍රි'මලේ ගිය ජනාධිපතිගෙන් උපදෙස් !

වගා කළ හැකි හැම ඉඩමකම වවන්න : ත්‍රි'මලේ ගිය ජනාධිපතිගෙන් උපදෙස් !

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටලුව පිළිබඳ අද (14) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවට එක් වෙමිනි.

පාරම්පරිකව ගොවීන් විසින් වගාකරන ලද එහෙත් යුද්ධය නිසා අතහැර ගොස් තිබී යුද්ධය නිමවීමෙන් පසුව වනජීවි හා වනරක්ෂිත ලෙස මායිම්ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන් වෙත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොවි ජනතාවගේ ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි යල මහ කන්න සාර්ථක කර ගනිමින් 2023 ඇති විය හැකි ආහාර අර්බුදයට සූදානම් වීමේ අවශ්‍යාතාව පැහැදිළි කළේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න