අමාත්‍යාංශ 04ක විෂය පථයන් ගැසට් කෙරේ

අමාත්‍යාංශ 04ක විෂය පථයන් ගැසට් කෙරේ

විදුලිබල හා බලශක්ති, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ සෞඛ්‍ය යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් ගැසට් කර ඇත.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රීකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකට අදාළ විෂය පථයන් ඇතුළත් ය.

තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ඇත.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන අයත් වේ.

මීට අමතරව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනවලට අයත් විෂයන් නව ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය යටතට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව හා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු ආයතන 4 ක් පවරා ඇත.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයට පවරා ඇත්තේ, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලිත සමාගම් හා සහස්යා ඉන්වෙස්ට්මනට් ලිමිටඩ් ආයතනයයි.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට මග නැගුම අංශය හා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පවරා ඇත.

මීට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ, එක් එක් විෂයට අදාළ කැබිනට් අමාත්‍යවරුන් විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න