මුරුත්තෙට්ටුවේ හිමිගේ v8 එක ඉස්සුවේ තිළිණි නෙවෙයි ප්‍රියංකා ලූ !

මුරුත්තෙට්ටුවේ හිමිගේ v8 එක ඉස්සුවේ තිළිණි නෙවෙයි ප්‍රියංකා ලූ !

නාරාහෙන්පිට අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සතුව තිබූ රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් ඇති ප්‍රාඩෝ V8 වර්ගයේ සුපිරි ජිප් රථය සොරකම් කරන ලද්දේ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව නොවන බව එම හිමිනම පවසා සිටී .

කොළඹ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකර විසින් තම රථය හොර රහසේ විකුණා දමා ඇතැයි ද මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති.

මුරුත්තෙට්ටුවේ හිමි පවසන ආකාරයට අදාළ සුපිරී ජීප් රථය දායකයෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති අතර එය විකිණීමට සූදානම් වූ අවස්ථාවේ ප්‍රියංකා ජයසේකර මන්ත්‍රීවරිය විසින් පසුව මුදල් ලබා දීමේ පදනමින් එය රැගෙන ගොස් ඇත .

එහෙත් ප්‍රියංකා ජයසේකර මන්ත්‍රීවරිය විසින් ජිප් රථයේ මුදල් ලබා නොදීම නිසා උන්වහන්සේ ඒ පිළිබද කළ සොයා බැලීමක දී එය විකුණා තිබූ බැවින් කොළඹ අපරාධ කොට්ඨාශය පැමිණිලි කිරීමට උන්වහන්සේ කටයුතු කර ඇත.

එසේ පැමිණිලි කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරියට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර දැනට ඇප මත මුදාහැර ඇති බව හිමිනම පවසයි .

තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි යන්න අසත්‍යක් බවත් පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න