ලංකාවට ලබාදෙන ආධාර හා පහසුකම් පුළුල් කරනවා : IMF සහතික වෙයි !

ලංකාවට ලබාදෙන ආධාර හා පහසුකම් පුළුල් කරනවා : IMF  සහතික වෙයි !

ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ලබාදෙන ආධාර හා පහසුකම් පුළුල් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මේ බව ප්‍රකාශ කළා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා,

ආහාර අර්බුදයෙන් පෙලෙන රටවල් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හදිසි මුල්‍යමය පහසුකම් ලබාදීමට කටයුතු කරලා තියෙනවා. ණය ගැන කතා කරන විට අපි G 20 සමුළුව හරහා විවිධ රටවල්වල ණය ප්‍රශ්නය විසඳීමට ක්‍රියාදාමයක් ස්ථාපිත කරමින් සිටිනවා. අපි සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ණය හිමියන් සමග එකම ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ශ්‍රී ලංකාව වැනි මැදි අදායම් ලබන රටවල්වලට ලබාදෙන ආධාර හා පහසුකම් පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුල හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය මේ බව ප්‍රකාශ කළා ය.

මේ අතර එම වාර්ෂික සමුළුවට එක්වීමට වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් හමුවී තිබේ.

ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබා ගැනීමේ ඇති හැකියාව විමසා බැලීම පිළිබඳව මෙහිදී මුලික අවධානය යොමු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව මගින් ණය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බවත් ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සහය ඒ සඳහා ලබාගත යුතු බවත් මෙහිදී අවධාරණය වූ බව සඳහන් ය.

අතරමැදි සහනදායි ණය වැඩසටහන් ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී ණය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට සුදුසුකම් ඇතැයි ද එහි දැක්වේ.

එම ණය පහසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා රජය විසින් නව ආර්ථික ප්‍රතිස්සංකරණ සිදු කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවරගත යුතු බව ලෝක බැංකු නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබේ.

මේ අතර පැරිස් ක්ලබ් ණයහිමි රටවල් සමූහය පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව සමග සාකච්ජා කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.

එම රටවලින් මේ සඳහා මෙතෙක් පිළිතුරක් ලැබි නොමැති බව රොයිටර් වාර්තාවේ සඳහන් ය.

පසුගිය සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලීක මට්ටමේ එකඟතාවට එළැඹීමෙන් පසුව පැරිස් ක්ලබ් නයෝජිතයින් ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන චීනය හා ඉන්දියාව සමග සාකච්ජා ආරම්භ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

News 1st

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න