රවී එජාප මහ ලේකම් ධූරයට : රංගේට ආණ්ඩුකාර ධූරයක් !

රවී එජාප මහ ලේකම් ධූරයට : රංගේට ආණ්ඩුකාර ධූරයක් !

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක පත්කෙරෙනු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට දැනට පක්ෂ මහලේකම් ධුරය දරන පාලිත රංගේබණ්ඩාර පළාත් ආණ්ඩුකාර ධුරයකට පත්කිරීමට නියමිතය.

ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන එජාපය නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට වගකීම් පැවරෙන බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පාක්ෂිකයින් අතරත් උද්ද්‍යෝගයක් ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට අපේක්ෂාවෙන් සිටින වෙනත් පක්ෂ වල ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ක්‍රියාකාරීන් රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා සමග කටයුතු කිරීම පහසුවක් සහ විශ්වාසය තැබිය හැකි අයෙකු බවට පක්ෂ නායකත්වයට දන්වා ඇති බවය.

එසේම හිටපු අමාත්‍ය රංගේබණ්ඩාර ට ආණ්ඩුකාර ධුරයට අමතරව පක්ෂයේ පූර්ණකාලීන නොවන තනතුරක්ද ලබා දෙනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න