ලංකා සතොස අද (23) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සුදු සීනි කිලෝවක මිල රුපියල් 9.00 කින්, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 14.00 කින්, සුදු ලූනු කිලෝවක මිල රුපියල් 30.00 කින් සහ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 43.00 කින් පහළ දැමීමට තීරණය කර ඇත.
අද සිට ක්‍රියාත්මක වන මෙම මිල පහළ දැමීමත් සමඟ සුදු සීනි කිලෝවක් රුපියල් 229කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265කට, සුදු ලූනු කිලෝවක් රුපියල් 495කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 255කට සතොස හරහා මිලදී ගැනීමට හැකියාව ඇති බවත් ආයතනය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
