Language Switcher

V2025

උතුරට ජනමත විචාරණයක් !

ශ්‍රී ලංකාවේ උතුරේ දමිල ජනතාවට අවශ්‍ය බලය බෙදාහත් එක්සත් රාජ්‍යක්ද නැතිනම් වෙනම සමුහාණ්ඩු රාජ්‍යක්ද යන්න තීරණයක් ගැනීම වෙනුවෙන් ජනමත විචාරණයක් ලබා ගැනීම ඉල්ලක කර ගනිමින් විශේෂ වැඩසටහනක් අද (15) දියත් කෙරිණ.

ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී මෙම වැඩසටහන ආරම්භ කළ අතර ඒ එම සංවිධානයේ ප්‍රධානී වී.රුද්‍රකුමාරන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ජනමත විචාරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් රුද්‍රකුමාරන් සඳහන් කර ඇත්තේ එහිදී තම දේශපාලන අනාගත පිළිබඳ උතුරේ වැසියන් ලබාදෙන ප්‍රතිඵලය තම ව්‍යාපාරය පිළිගැනීමට සූදානම් බවය.

tamilPriදකුණු සුඩානය සහ නැගෙනහිර තිමෝරය තුළ පැවති අරගල ජනමත විචාරණ හරහා විසඳාගෙන තිබෙනවා. එවැනි ක්‍රමයක් ලංකාවේ උතුරේ ජනතාවටද අවශ්‍යව තිබෙනවා - වී. රුද්‍රකුමාරන් 

මෙම අවස්ථාවට සහයදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු වූ නෙදර්ලන්ත කැබිනට් අමාත්‍යවරයෙකු වන ඇඩ් මෙල්කර්ට් ද එක්ව සිටි අතර සංවිධායකයින් සඳහන් කර සිටියේ තවත් අංග කිහිපයක්ද එකතු කොටගෙන මෙම වැඩසටහන ලොව පුරා ගෙනයාමට අපේක්ෂා කරන බවය.

විග්නේෂ්වරන් ඉන්දියාවේදී ලංකා රජයට චෝදනා නගයි

මේ අතර ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරතවන උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් අලුත් අවුරුදු දිනයේ (14) තමිල්නාඩුවේ තිරුනෙල්වේලි හී ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් චෝදනා කර ඇත්තේ ගැටුම් හේතුවෙන් ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට පළාගිය දමිල ජනතාවගේ ඉඩම් සහ දේපළ යළි ලබාදීමට රජය කටයුතු නොකරන බවය.

C.V.Vරටින් පිටවගිය වෘත්තිකයන් නැවත මුල්බිම් වෙත පැමිණිය යුතුව තිබෙනවා - විග්නේෂ්වරන් 

එසේම හෙද සේවය වැනි වෘත්තීන් වල නියලී සිට රටින් පිටුවහල් වූ ජනතාව නැවත රටට ගෙන ඒමට අවශ්‍ය බවත් මේ වන විට උතුරේ එම පුරප්පාඩු සඳහා සිංහල වෘත්තිකයන් පැමිණ සිටින බවද ප්‍රධාන අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත. තවද දමිල ජනතාව නැවත සිය මුල්බිම් වෙත නොපැමිණියහොත් දමිල ජනගහණය අඩුවයාමේ අවධානමක් තිබෙන බවද ඔහු පෙන්වාදී ඇත.