වන ගහණය වැඩි කරන නරි වාරං මැද : කටුමාන කැලෑවටත් කෙළවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ‍ෙ සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවට පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානය චෝදනා කරයි.

1 3

newstube.lk වෙත ප්‍රකාශයක් කරමින් පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මේ බව සඳහන් කළ අතර මධ්‍යම කඳුකරයේ මුහුදු මට්ටමේ සිට අඩි 5000ට වඩා උසින් පිහිටි මෙම කැලෑ ඉඩමි ප්‍රදේශය අධි සංවේදී පාරිසරික කලාපයක් බවත් ඔහු පෙන්වා දෙයි.

පාංශු සංරක්ෂණ පනත උල්ලංඝණය කරලා

2

ඒඅනුව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම නාය යෑම අවදානමක් හා සංරක්ෂණය කල යුතු ප්‍රදේශ ලෙස පාංශු සංරක්ෂණ පනත අනුවත් මෙය සංරක්ෂණය කල යුතු ප්‍රදේශයක් බැවින් එවැනි ප්‍රදේශයක මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීම අදාළ පනත අමුඅමුවේ උල්ලංඝණය කරන නිතී විරෝධි ක්‍රියාවලියක් බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අනාවරණය කරමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කර සිටින්නේ මෙම වනාන්තර ප්‍රදේශය සීතාඑළිය රක්ෂිතයේ පේරණ කලාපයට යාබදව පිහිටා ඇති බවත් මීට පෙරදීත් මේ අසන්නයේ පිහිටි කැලෑ ඉඩම් නිවාස ව්‍යාපෘති සඳහා නිති වීරෝධී ලෙස ලබාදීමට බලධාරීන් කටයුතු කර තිබෙන බවය.

3

4 1

පිඹුරුපත් අංක 2760 ට අනුව 478 ඒ, සීතාඑළිය ග්‍රාමසේවා වසමේ පිහිටි මෙම කටුමාන කෑලේ ඉඩම උතුරට හා බටහිරට බේකස් ගොවිපලටත් දකුණට හා බටහිරට නෙස්බී වත්තටත් මායිම්ව ඇත.

සීතාඑළිය රක්ෂිතය අවධානමේ

දිගින් දිගටම විවිධ වගාවන් සදහා සහ හෝටල් නිවාස සදහා ද සීතාඑළිය රක්ෂිතය අවට විටින් විට කැලෑ ඉඩම් එළි කරන ලද අතර විවිධ අවස්ථා වලදී ඒවා නොයෙක් පුද්ගලයන්ට බදු දීමටද කටයුතු කර තිබේ. ඒ අනුව සංචාරක ආකර්ශණයක් ඇති නුවර එළිය ප්‍රදේශයේ බොහෝ ඉඩම්වල අයිතිය වැවිලි සමාගම් වලට හෝ ධනපතීන්ට අයත්ව තිබෙන අතර ඒ බොහෝමයක් ඉඩම් ඉහත ආකාරයට අයතා ලෙස ලබාගත් ඉඩම්ය.

පොහොසත් ජෛව විවිධත්වයක් විනාශ මුඛයේ

පාරිසරික වශයෙන් ඉතාම වැදගත් මෙම වනාන්තර ඉඩම් ජල පෝෂිත ලෙසද ක්‍රියාකර ජලය ගබඩාකර ගනිමින් ප්‍රදේශය සුරක්ෂිත කරන අතර මෙම සීතාඑළිය වනාන්තරය හා අවට ප්‍රදේශය ඉතාමත් පොහොසත් ජෛව විවිධත්වයක්ද පවතී.

මධ්‍යම කඳුකරයේ දක්නට ලැබෙන කීන, දඹ, වල්සපු, වැල් උණ වැනි ශාක මෙම ප්‍රදේශය පුරා දක්නට ලැබෙන බවත් ඒ අතර කදු හබු කුරුල්ලා, අදුරු නිල් මැසිමාරා, පිට කහ කොණ්ඩයා, ලංකා සිතාසීයා, දෑකැති දොමළිචිචා වැනි ආවේණික පක්ෂි විශේෂ ගණනාවක්ද මෙම ප්‍රදේශය පුරා දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

දිය ඇලි සිඳීයාම අහන්නත් දෙයක්ද?

මෙවන් ඉඩමි කැලෑ කපා ඉවත් කිරීම නිසා ග්ලේන් දියඇල්ල සම්පූර්ණයෙන් දැනට සිදී ගොස් ඇති අතර ලවර්ස්ලීප් ඇල්ල සිඳීයාමේ දැඩි අවධානමක්ද මතුව තිබේ.

එහෙයින් මේ සියල්ල ආරක්ෂා කරගැනීමට නම් සිදුකළ යුතුව තිබෙන්නේ ඉතිරිව ඇති කැලෑ ආරක්ෂා කර ගැනීම බවද ආචාර්යවරයා පෙන්වා දෙයි.

 සිඳීගොස් තිබෙන ග්ලේන් දිය ඇල්ල 5

සිඳීයාමේ තර්ජනයට මුහුණ පා සිටින ලවර්ස්ලීප් ඇල්ල

6

7

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found