නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසයි.
නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා නියම වුණා.කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ . ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕන. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා.
සහෝදරයා වුණාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර පහ නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ දැම්මා. වෙන ආදායම් මාර්ගයක් නැහැ''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
